ඉන්දියාවේ අංක එකේ ධනවතා ලෙස සැලකෙන රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්යක්ෂවරයා වන මුකේෂ් අම්බානි එරට තුළ ව්‍යාප්ත වෙමින් පවතින කෝවිඩ් -19 වසංගතය පාලනය සඳහා රජය ගෙන යන වැඩසටහනට සහාය දක්වමින් මුදල් ප්‍රදාන ඇතුළු ප්‍රදාන රැසක්ම සිදු කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.
ඒ යටතේ ඔහු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් පිහිටිවන ලද PM-Cares නම් කෝවිඩ් -19 අරමුදල සඳහා පසුගිය සඳුදා දිනයේදී ඉන්දීය රුපියල් කෝටි 500ක මුදලක්ද ප්රදානය කර තිබේ. කෝවිඩ් -19 වසංගතය ආසාදිත පිරිස් සඳහා ප්‍රතිකාර කරන ඇඳන් 100කින් සමන්විත එරට පළමු රෝහල ඉදිකිරීම සඳහා අගමැතිවරයා මෙම අරමුදල අරඹා ඇත. මෙහිදී අම්බානිගේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගම හරහා මෙම මුදල් ප්රදානය සිදු කර තිබේ.
මෙය අම්බානි විසින් කෝවිඩ්-19 වසංගතය පාලනය සඳහා මෙතෙක් ලබා දී ඇති මුදල් සහ ප්රදානවලට අමතරව ලබා දුන් මුදල් ප්‍රදානයක් වීමත් විශේෂත්වයකි. ඊට පෙර ඔහු මහාරාශ්ට්ර සහ ගුජරාට් යන ප්‍රාන්ත තුළ සිදු කරන කෝවිඩ්-19 එරෙහි වැඩසටහන් සඳහා පිළිවෙලින් ඉන්දීය රුපියල් කෝටි 5 බැගින් ප්රදානය කිරීමට පියවර ගෙන තිබේ.
මීට අමතරව අම්බානි දිනකට ආරක්ෂිත මුඛ ආවරණ ලක්ෂයක් නිෂ්පාදනයටත්, රාජ්‍ය නොවන සංවිධාන හරහා ආහාර ඉදිරි දින 10ක කාලය පුරා දුප්පත් ජනතාවට ආහාර පාර්සල් ලක්ෂ 50ක් බෙදා හැරීමටත්, කෝවිඩ් -19 රෝගීන් ප්‍රවාහනය කරන හදිසි සේවා රථ සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීමටත් පියවර ගෙන ඇත.
මෙලෙස ඉන්දියාවෙන් කෝවිඩ්-19 තුරන් කිරීමේ කටයුතු සියල්ල සඳහාම රිලයන්ස් පවුල ඉදිරිපත්ව සිටින බව රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගම සඳහන් කරයි. එහිදී පැය 24 පුරාම තමන් ඊට කැප වෙන බවත්, මෙම වෛරසයෙන් බේරීම සඳහා ජනතාව සූදානම් කිරීම, ඔවුන්ගේ කුසගිනි නිවීම, සැපයුම් ලබා දීම, ආරක්ෂාව මෙන්ම එකිනෙකා හා සබඳතා පවත්වාගෙන යමින් මෙම කොරෝනා වසංගතය නිසා උදා වූ අභියෝග ජය ගැනීමට සියලු දෙනාම ධෛර්යමත් කිරීම සිය අරමුණ බව එම සමාගම පවසා සිටියි.
&අපි විශ්වාස කරනවා ඉන්දියාව කල්ගත කරන්නේ නැතුව ඉතා ඉක්මණින්ම කොරෝනා වෛරසය පරාජයට පත් කරාවි කියලා. සමස්ත රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් සමාගම මේ මොහොතේදී ජාතියත් සමගින් එකතු වෙලා කෝවිඩ් -19 වසංගතයට එරෙහි සටන ජයගන්න කළ හැකි සෑම දේම කරනවා.* මුකේෂ් අම්බානි එලෙස පවසා තිබේ.
මේ අතර රිලයන්ස් ෆවුන්ඩේෂන්හි නිර්මාතෘවරිය වන මුකේෂ් අම්බානිගේ බිරිඳ නීටා අම්බානිද, මේ මොහොතේදී කෝවිඩ්-19 වෛසරය පරාජයට පත් කිරීම සඳහා දිවිහිමියෙන් කැපවී සිටින වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය වෙත සිය ප්‍රණාමය පුද කරන බව පවසා තිබේ.
මුකේෂ් අම්බානිගේ මෙම රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් යටතට ජියෝ මොබයිල් සමාගම, රිලයන්ස් ගෑස්, රිලයන්ස් රීටේල්, රිලයන්ස් ලොජිස්ටික්ස්, රිලයන්ස් ඉන්ඩස්ට්‍රියල් ඉන්වෙස්ට්මන්ට්, ජියෝ කේබල් ඇන්ඩ් බ්‍රෝඩ්බෑන්ඩ් හෝල්ඩිංග්ස්, රිලයන්ස් පේමන්ට් සොලියුෂන්ස්, රිලයන්ස් ඉන්ජිනියරින් ඇසෝසියේට්ස්, රිලයන්ස් ටෙක්නොලොජි ගෘප් සහ රිලයන්ස් කන්වෙන්ෂන් ඇන්ඩ් එක්ෂිබිෂන් සෙන්ටර් ලිමිටඩ් ඇතුළු සමාගම් රැසකින් සමන්විත වෙයි.